මුස්ලිම් පල්ලියක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 13 ජීවිතයට සමුදෙයි
පකිස්ථානයේ නිරිත දිග ක්වෙටා නගරයේ මුස්ලිම් පල්ලියක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිකුරාදා සවස පූජාව පැවැත්වෙන අවස්ථාවේ මෙම පිපිරුම සිදුව ඇති අතර මෙම සතිය තුළ ක්වෙටාහි තුළ සිදුවූ දෙවන බෝම්බ ප්‍රහාරය මෙය බවයි සඳහන් වන්නේ.
පල්ලියේ ඇතුළත සවිකර තිබූ ක්ෂණික පිපිරුම් උපකරණයක් මගින් මෙම පිපිරුම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර මියගිය පිරිස අතර එරට උසස් පොලිස් නිලධාරියෙකු සිටින බවද සඳහන්.
එසේම මෙම පිපිරීමෙන් 20 දෙනකුට පමණ තුවාල සිදුවී ඇති බවත්, තුවාල ලැබූ බොහෝ දෙනෙකු බරපතල තත්ත්වයේ සිටින බවත් වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙනවා.