13 හැවිරිදි මව අහිමි දියණියට පහරදුන් කුඩම්මාට සහ ග්‍රාමසේවක කාන්තාවට වැඩ වරදී !
දහතුන් හැවිරිදි බාලවයස් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බවට ග්‍රාම නිලධාරිනියක් සහ දැරියගේ පියා සහ ගැබිණි සුලු මව කොටවෙහෙර. අලුත්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගනු ලැබූ ග්‍රාම නිලධාරිනිය කොටවෙහෙර අලුත්ගම පදිංචි තැනැත්තියක් වන අතර ඇගේ සහෝදරිය සහ ඇගේ ස්වාමියාද ඔහුගේ දියණියද මෙම නිවසේ පදිංචියට පැමිණ සිටියදී මෙම පහරදීම සිදුව තිබෙනවා.
මේ වන විට දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන්.
මෙදින දැරියට ගැබිණි සුලු මව සහ ඇගේ සහෝදරිය වන ග්‍රාම නිලධාරිනිය පොලු වලින් අමානුෂික ලෙස පහර දී ඇති බවත්, මීට පෙරද පියා සහ සුලුමව අවස්ථා ගණනාවකදී මෙලෙස දැරියට පහර දී ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරනවා.
සැකකාරියන් දෙදෙනා සහ සැකකරු හෙට (05) දින නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවයි.