අමානුෂික ලෙස නවකවදය දෙමින් පහරදුන් සිසුන් 12 ම ඇප මත නිදහස් කරයි
පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනා දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.
ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 බැගින්වූ ශරීර ඇපයක් මත සැකකරුවන් මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා ය.
යළිත් මෙවැනි ක්‍රියාවන්ට සම්බන්ධ නොවන ලෙසත් පරීක්ෂණවලට බාධාවක් නොවන ලෙස කටයුතු කරන ලෙසටත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම සිසුන්ට අවවාද කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ පසුගිය 9 වැනිදා පස්වරුවේ ආපන ශාලාවක් තුළදී ඇතිවූ ගැටුමක් මුල් කර ගනිමින් 10 වන දා පස්වරුවේ ඊට සම්බන්ධ සිසුන් 12 දෙනා අත්අඩංගුවට ගත්තේ ය.