රෙජිනෝල්ඩ් කුරේ ගුටි නොකා නූලෙන් බේරුණු වීඩියෝව මෙන්න (VIDEO) | Colombocall රෙජිනෝල්ඩ් කුරේ ගුටි නොකා නූලෙන් බේරුණු වීඩියෝව මෙන්න (VIDEO) - Colombocall

Hot News

රෙජිනෝල්ඩ් කුරේ ගුටි නොකා නූලෙන් බේරුණු වීඩියෝව මෙන්න (VIDEO)





උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට පහර දීමට උත්සහ කිරීමක් සිදුව තිබෙනවා.
ඒ මහතා වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ රැස්වීමක් ඇමතීම සඳහා ඊයේ(11) පැමිණි අවස්ථාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වී ඇත.
එම ස්ථානය අසල රැස්ව සිටි ප්‍රාදේශීය දේශපාලඥයෙක් සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් විරෝධතාවයක යෙදී සිට තිබෙනවා.
එම අවස්ථාවේදී හිටපු ආණ්ඩුකාරවරයා සහ විරෝධතාවයේ යෙදී සිටි පිරිස අතර බහින්බස් වීමක් සිදුව ඇති අතර ආණ්ඩුකාරවරයාට පහර දීමට උත්සහයක් දරා ඇති බවට ඔහු ප්‍රකාශ කරනවා.
එම අවස්ථාවේදී හිටපු ආණ්ඩුකාරවරයා සමඟ සිටි පිරිස් එක්ව ඔහුව ආරක්ෂා සහිතව එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇති අතර විරෝධය හමුවේ ඔහු රැස්වීම අමතා තිබෙනවා.
රෙජිනෝල්ඩ් හොරා…අපිට එපා යැයි එම ස්ථානයේ විරෝධතාවයේ යෙදුනු පිරිස් සටන් පාඨ කියමින් විරෝධතාවයේ යෙදී සිටි අතර සිද්ධිය පිළිබඳ සැලවීමත් සමඟ පානදුර පොලිසිය විසින් තත්ත්වය පාලනය කර තිබෙනවා.