ෆේස්බුක් කුහකයෙක් නිසා සාග් රන් පදක්කමක් ලංකාවෙන් ගිළිහෙයි ! (PHOTOS) | Colombocall ෆේස්බුක් කුහකයෙක් නිසා සාග් රන් පදක්කමක් ලංකාවෙන් ගිළිහෙයි ! (PHOTOS) - Colombocall

Hot News

ෆේස්බුක් කුහකයෙක් නිසා සාග් රන් පදක්කමක් ලංකාවෙන් ගිළිහෙයි ! (PHOTOS)



දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා අංශය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පාලනයට නතු විය. එහිදි තවමත් 20 හැවිරිදි වියේ සිටිනා යොවුන් ඩිල්ෂි කුමාරසිංහලා අරුණ දර්ශනලා දැක්වූ දක්ෂතාවයන් විශිෂ්ඨය.
පෝෂණීය ආහාර, පුහුණුවීම්, නවාතැන් පහසුකම් ආදි දහසක් අඩුපාඩු මැද අප මළල ක්‍රීඩා කණ්ඩායම රන් පදක්කමක් 15ක් දිනා ගත්තේය.
කණ්ඩායම අවසන් සැසි සඳහා නේවාසිකව සිටි සුගතදාසයේ නේවාසිකාගාර කොතරම් ප්‍රමිතියකින් යුක්ත දැයි කිවහොත් සංචිතයේ 11 දෙනෙකුට ඩෙංගුය.
ක්‍රිකට් වැනි ක්‍රීඩාවකට හිමි වන වරප්‍රසාද, අනුග්‍රහය හා ජනප්‍රියත්වයෙන් දාහෙන් එකක් මෙරට මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි නොවේ.
එනමුදු අසනීප මැදින්, ඩෙංගු උණෙන් පීඩා විදිමින් පිටියට පිවිස අප මළල ක්‍රීඩා කණ්ඩායම දැක්වූ සටන්කාමී දක්ෂතාවයට මවුබිමේම ආචාරය හිමි විය යුතුව තිබේ.
කෙසේ නමුත් අපගේ කතාව ඒ පිළිබඳව නොවේ.
මළල ක්‍රීඩා තරග වල ශ්‍රී ලංකාවට පදක්කම් අහිමි වූ එකම ඉසව්ව වූයේ කාන්තා මීටර් 200 ඉසව්වයි.
එම ඉසව්වේ ශ්‍රී ලංකාවේ හොදම ක්‍රීඩිකාව වන යොවුන් ශෙලින්ඩා ජැන්සන් අවසන් මොහොතේ සංචිතයෙන් ඉවත් කිරීමට මෙරට මළල ක්‍රීඩා බලධාරීන් පියවර ගත්තේය.
එයට හේතුව සහන් කසීර වික්‍රමසිංහ (Sahan Kaseera Wickramasinghe) නම් ෆේස්බුක් කුලී ලියන්නෙකු මුදල් ලබා ගෙන ඇය උදෙසා ෆේස්බුකියේ ගැසූ මඩ ප්‍රහාරයකි.
පෞද්ගලික ජීවිතයේ අසමත්, රට වෙනුවෙන් හෝ තමන් වෙනුවෙන් ආඩම්බර වීමට හේතුවක් නොමැති මේ පරාජිතයා මුදලට ලියූ කුලී සටහන නිසා ශ්‍රී ලංකාවට අහිමි වූයේ තිබෙන්නේ සාග් රන් පදක්කමකි.
ශෙලින්ඩා යනු අරුණලා, ඩිල්ශිලා මෙන්ම යොවුන් ක්‍රීඩිකාවකි. ඇය ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙනි. යොවුන් ඔලිම්පික් උළෙලේ මීටර් 200 ඉසව්වේ ලොව වේගවත්ම ක්‍රීඩිකාවන් අට දෙනා අතර ඇය සිටියේය.
එවන් ක්‍රීඩිකාවකට මුදලට මඩ ගැසූ සහන් කසීර වික්‍රමසිංහ (Sahan Kaseera Wickramasinghe) නරුමයා එමගින් ශ්‍රි ලංකාව නියෝජනය කරනා යොවුන් ක්‍රීඩිකාවකට අත් වන මානසික බිඳ වැටීම පිළිබඳ තුට්ටුවකට මායිම් කර තිබුනේ නැත.
ෆේස්බුකියට පන්ඩිත මුහුනක් රඟපාන මෙම කුහකයා කිසිඳා නොදුටු මිතුරු ලයිස්තුවේ මිනිසුන්ගෙන් පවා මුදල් ඉල්ලා ගෙන පොලු තබා ජීවත් වන කම්බ හොරෙකි. එවන් පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය අපට අදාල නැත.
එනමුදු මෙවැනි කුහකයන් නිසා ශෙලින්ඩා වැනි ශ්‍රී ලංකාවට අභිමානයක් විය හැකි ‍යොවුන් ක්‍රීඩිකාවට හෝ ඕනෑම පුද්ගලයෙකුට අයහපතක් සිදු වෙනවා නම් ඒ පිළිබඳ නිහඩව සිටිය නොහැක.
මෙම ෆේස්බුක් කුලී ලියන්නාගේ මඩ ප්‍රහාරය හේතුවෙන් ශෙලින්ඩා ජැන්සන් සාග් සංචිතයෙන් ඉවත් කිරීමට මෙරට මළල ක්‍රීඩා බලධාරීන් කටයුතු කළේය. අවසානයේ සිදු වූයේ දක්ෂතා තිබෙනා ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකාව සතු වෙද්දී මීටර් 200 ඉසව්ව පදක්කමක් නොමැතිව අවසන් කිරීමටයි.
සාග් මීටර් 200 කාන්තා ඉසව්වේ රන් පදක්කම් දිනූ ඉන්දීය ක්‍රීඩිකාව තරග අවසන් කළ කාලය පැහැදිලිවම ශෙලින්ඩාට වඩා වැඩි කාලයකි. අප මළල ක්‍රීඩා බලධාරීන් මෙවැන්නෙක් අතින් මුදලට ලියවුනු ෆේස්බුක් කුලී ලියමනක් බරපතල ලෙස ගැනීම නිසා ශ්‍රී ලංකාවට අහිමි වූයේ සාග් රන් පදක්කමකි.
මෙය වෙනත් කිසිම ක්ෂේත්‍රයක තවදුරටත් සිදු විය යුතු නැත. ෆේස්බුක් අනවශ්‍ය කුලී ලියුම් සීරියස් ගෙන මෙවන් වැරදි, අඩුපාඩු නැවතත් සිදු නොවිය යුතුය.
සහන් කසීර වික්‍රමසිංහ (Sahan Kaseera Wickramasinghe) ෆේස්බුක් අමනයාගේ ලිපිය



ශෙලින්ඩා සිය ගිණුමේ තබා ඇති සටහන