MCC ගිවිසුම වැන්නක් ඇඳි තාප්පයෙන් එය ඉවතට ! (PHOTOS) | Colombocall MCC ගිවිසුම වැන්නක් ඇඳි තාප්පයෙන් එය ඉවතට ! (PHOTOS) - Colombocall

Hot News

MCC ගිවිසුම වැන්නක් ඇඳි තාප්පයෙන් එය ඉවතට ! (PHOTOS)





බැද්දගාන – පිටකෝට්ටේ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසලක තාප්පයක ඇඳ ඇති MCC ගිවිසුම යැයි සැක කෙරෙන සිතුවමක් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, ප්‍රදේශවාසීන් සහ පාරිභෝගිකයන් අදාළ සුපිරි වෙළෙඳසලේ පාලනාධිකාරිය වෙත කළ පැමිණිලි හේතුවෙන්.
එම බිතුසිතුවමේ දැක්වෙන්නේ, එක්සත් ජනපද ධජයෙන් වැසුණු බිහිසුණු මකරකු වැනි සත්වයකු ශ්‍රී ලංකාව ගිල දැමීමට ගමන් කරන ආකාරයයි.
කෙසේ වෙතත් එම සිතුවමෙන් හැඟවෙන දේශපාලන අර්ථය පිළිබඳ සැලකීමේදී එය නුසුදුසු බව හැඟීගිය බැවින් එය ඉවත්කිරීමටයි තීරණය කර ඇත්තේ.