චමිපිකව අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ආරක්ෂාව මෙන්න
ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා නැවත වතාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අද (19) දැඩි ආරක්ෂාවක් අධිකරණය භූමිය අවට යොදවා තිබෙනවා.
ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අද නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
නිත්‍යානුකුල නොවන අයුරින් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවට අධිකරණය අවට රැස්ව සිටි පිරිස් බොහොමයක් සිය බලවත් අප්‍රසාදය පල කල සිටි අතර රාජපක්ෂ රජය විසින් නැවත වතාවක් සිය ප්‍රබල විරිද්ධවාදීන් දඩයමේ යෙදෙන බවට මත බොහොමයක් පාඨලි චම්පික රණවක මහතාගේ අත් අඩංගුවට ගැනීමත් සමඟම පළ වුනා.
ඊයේ රාත්‍රියේ ඇති වූ අධිකරණය අවට ඒකරාශී වූ ජනතාවගේ දැඩි විරෝධය හේතුවෙන් මේ වන විට කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අවට දැඩි ආරක්ෂාවක් මේ වන විට යොදා ඇති බව දැක ගන්නට ලැබෙනවා.