කළු තුෂාර පෝරකයට නියමවෙයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හේරත් මුදියන්සේලාගේ තුෂාර හෙවත් කළු තුෂාර නැමැත්තාට කොළඹ මහාධිකරණය අද (10) මරණ දඬුවම නියම කළා.
2017 වසරේ මැයි මස 12 වැනිදා විත්තිකරු මත්කුඩු ග්‍රෑම් 59ක් ප්‍රවාහනය කරමින් සිටියදී සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාශයේ නිලධාරීන් අත්අඩංගුව ගෙන තිබුණා.
විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බව තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා ඒ අනුව කළු තුෂාර නැමැත්තාට මරණීය දණ්ඩණය නියම කළා