ජනාධිපතිවරණයෙන් පසුව සජිත් නැවතත් ජනතාව අමතයි | Colombocall ජනාධිපතිවරණයෙන් පසුව සජිත් නැවතත් ජනතාව අමතයි - Colombocall

Hot News

ජනාධිපතිවරණයෙන් පසුව සජිත් නැවතත් ජනතාව අමතයි



එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17දා) ජනතාව ඇමතීමට නියමිතව තිබෙනවා.
ජනාධිපතිවරණයෙන් පසුව ඔහු ජනතාව අමතන පළමු අවස්ථාව මෙය වන අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ඡන්ද ලක්‍ෂ 55කට වැඩි සංඛ්‍යාවක් ලබාදුන් ජනතාවට ස්තූතිය පළ කිරීමේ අරමුණෙන් ජනහමු මාලාවක් අදින් ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.
ඒ අනුව කොළොන්නාව මංගල උත්සව ශාලාවේදී අද (17) සවස 1.30ට, කෝට්ටේ සෝලීස් උත්සව ශාලාවේදී සවස 4.00ට සහ මොරටුව ලැගුත් වීව් උත්සව ශාලාවේදී සවස 5.00ට ජනතාව ඇමතීමට ප්‍රේමදාස මහතා සැලසුම් කර තිබෙනවා.
හෙට (18දා) දින ගම්පහ හා අත්තනගල්ල නගරවලදී ජනතාව ඇමතීමටද ඒ මහතා කටයුතු යොදා ඇති අතර, මෙම ජන හමු මාලාව සංවිධාන කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සමග සිටින එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් විසිනුයි.