ලංකාවට බලපෑම් කරන්න ඇමරිකාවෙන් ඉල්ලයි ! | Colombocall ලංකාවට බලපෑම් කරන්න ඇමරිකාවෙන් ඉල්ලයි ! - Colombocall

Hot News

ලංකාවට බලපෑම් කරන්න ඇමරිකාවෙන් ඉල්ලයි !




ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ නිර්දේශයන් වහාම ඉටුකරන ලෙස ශ්‍රී ලංකා රජයට අමෙරිකාවෙන් යම් බලපෑමක් කරන ලෙස දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා ඇමරිකානු තානාපතිවරියගෙන් ඉල්ලා තිබෙනවා.

මෙරට අමෙරිකානු තානාපති ඇලෙයිනා ටෙප්ලිට්ස් සමග කොළඹදී පැවති හමුවකදී දෙමළ ජාතික සන්ධානයේ නායකයා මේ බව ප්‍රකාශ කර ඇති අතර එහිදී ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් සහ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරය සම්බන්ධයෙන්ද දෙපාර්ශවය අතර කරුණු සාකච්ඡා වී ඇති බවයි වාර්තා වුනේ.

එ‍සේම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් ඉදිරිපත්වී ඇති බලය බෙදීමේ ක්‍රියාවලියේ ඇතුලත් කාරණා වර්ථමානයට නොගැලපෙන බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ජාවකට යාමට දෙමළ ජාතික සන්ධානය සුදානම් බවද ආර්. සම්බන්ධන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා රජය මගින් පිහිටුවා ඇති ස්වාධින කොමිෂන් සභා කිසිවක් අවලංගු කිරීමට සිය සන්ධානය සහය නොදීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ඉදිරිපත් වන කිසිදු කාරණයකදී ඊට තම පක්ෂය ඉදිරිපත් නොවන බවත් ජනාධිපතිවරනයේදී දෙමළ පක්ෂ ගණනාවක් එම මැතිවරණය වර්ජනය කළ යුතු බව කියා සිටියදී දෙමළ ජාතික සන්ධානය හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළකර සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් බව ඔහු අමෙරිකානු තානාපතිවරියට ප්‍රකාශ කර තිබෙනවා.