තාත්තා නවත්වපු තැනින් පටන්ගන්නවා ! රංජිත් සොයිසාගේ පුතා | Colombocall තාත්තා නවත්වපු තැනින් පටන්ගන්නවා ! රංජිත් සොයිසාගේ පුතා - Colombocall

Hot News

තාත්තා නවත්වපු තැනින් පටන්ගන්නවා ! රංජිත් සොයිසාගේ පුතා



අභාවප්‍රාප්ත රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ඊයේ (08) ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුනා.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති අමතුවරු රාශියක් මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර ජනාධිපති තුමන් එම අවස්ථාවට පෙර මස්ඉඹුල පිහිටි ඒ මහතාගේ නිවසේදී දේහයට අවසන් ගෞරව දැක්වුවා.
පස්වරු 3.30ට පමණ ආරම්භ කරන ලද අවමඟුල් සභාවේ කටයුතු සඳහා ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයට ඇති විශාල පිරිසක් සහභාගී වී සිටියා.
අවමඟුල් සභාවේ පිළිගැනීමේ කතාව සිදු කල රංජිත් සොයිසා මහතාගේ එකම පුත්‍රයා වන ලකිත සොයිසා මහතා තම පිය නතර කළ තැන සිට ඉදිරියට යාමට තමන් සුදානම් බව ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අවමඟුල් සභාවේ ගුණ කථනයක් සිදු කරන ලද අතර 2015 වසරේ තමන් පරද වුන තැන සිට යලි ජයග්‍රහණය ලබන තෙක් තමන්ට දැවැන්ත ශක්තියක් ලබා දුන් පිරිස අතර පෙරමුණේ රන්ජිත් සොයිසා මහටහ සිටි බව සිහිපත් කළේය.
ගොඩකවෙල මහින්ද මහා පිරිවෙන්පති කූම්පිටිය සුසීල නාහිමියන්ගේ මෙහෙයවීමෙන් ශ්‍රී පාදස්ථානයේ හිටපු භාරකාර දම්පහල ශිලානන්ද හිමිපාණන් ආගමික වතාවත් සිදුකළහ.
රැස්ව සිටි අති විශාල ජනකායකගේ සෝ සුසුම් මැද රංජිත් සොයිසාමහතාගේ චිතකය ගොඩකවෙල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී දල්වන ලදී.