තානාපතිකාර්යාලයේ සිද්ධිය ගැන ආරක්ෂක ලේකම් ලැජ්ජාවිය යුතුයි | Colombocall තානාපතිකාර්යාලයේ සිද්ධිය ගැන ආරක්ෂක ලේකම් ලැජ්ජාවිය යුතුයි - Colombocall

Hot News

තානාපතිකාර්යාලයේ සිද්ධිය ගැන ආරක්ෂක ලේකම් ලැජ්ජාවිය යුතුයි





මාධ්‍ය ආයතනවලට අනිසි ලෙස පැමිණ පරීක්ෂා කිරීමෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් වත්මන් ආණ්ඩුව මාධ්‍ය නිදහසට බලපෑම් කර ඇති බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසනවා.
අවස්ථා රැසකදී පැවැති යහපාලන රජය විවේචනය කිරීමට තමන් පියවර ගත්තද එහිදී තමන්ට කිසිදු හානියක් සිදු නොවූ බවයි අසේල සම්පත් මහතා පෙන්වා දුන්නේ.
කෙසේ වෙතත් වත්මන් රජය පැමිණ දින කිහිපයක් තුළ මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් සිදුවූ සිදුවීම් පිළිබඳ සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සිදුවූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා ලැජ්ජා විය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නා.
ඔහු මෙම අදහස් පළ කළේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන මධ්‍යස්ථානය ආරම්භ කරමින් පැවැති ප්‍රථම මාධ්‍ය හමුවේදීයි.
අසේල සම්පත් මහතාගේ එම අදහස් දැක්වීම ඇතුළත් වීඩියෝව පහතින්.