පානදුර රෝහලේදී පොලිස් ඇසට හොරෙන් පැන ගිහින් ! | Colombocall පානදුර රෝහලේදී පොලිස් ඇසට හොරෙන් පැන ගිහින් ! - Colombocall

Hot News

පානදුර රෝහලේදී පොලිස් ඇසට හොරෙන් පැන ගිහින් !




පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (30) පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගොස් තිබෙනවා.
ඉන් එක් අයෙකු වාහන අමතර කොටස් සොරා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර ඔහු බන්ධනාගාර නිලධාරින් පැමිණෙන තුරු සිරමැදිරියෙහි රඳවා සිටි අවස්ථාවේදී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.
පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ ආරක්ෂාවද ඔහුට යොදවා තිබූ බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී එම සැකකරු පලාගොස් ඇත්තේ එක් අතකට දමා තිබූ මාංචුවක් ඉවත් කර එහි අනෙක් කොටස ප්‍රතිකාර ලැබූ රෝහල් ඇදෙහි තිබියදීමයි.
මේ අතර, වාද්දුව පොලිසිය මගින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ද හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර මූලික රෝහලට ඇතුළත් කර සිටි අතර එම සැකකරු ද රෝහල් වෛද්‍යවරයාට පෙන්වන අවස්ථාවේදී පොලීසියෙන් මිදී පලාගොස් ඇති බවට වාර්තා වෙනවා.