පාකිස්තානය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ! | Colombocall පාකිස්තානය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ! - Colombocall

Hot News

පාකිස්තානය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම !



තරඟ දෙකකින් යුතු ටෙස්ට් තරඟාවලිය සඳහා එක්වීමට පාකිස්තානය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉස්ලාමාබාද් නුවරට ළඟාවිය.
2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ජාත්‍යන්තර ටෙස්ට් තරඟාවලියක් සඳහා පාකිස්තානයට සංචාරය කළ පළමු කණ්ඩායම එම ත්‍රස්ත ප්‍රහාරයට මුහුණ ශ්‍රී ලංකාවේ කණ්ඩායමක් වීමද විශේෂත්වයකි.
වසර 10කට පසුව විස්සයි 20 තරඟාවලියක් සඳහා පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම සහබ්ගෛ වූ අතර එය 3-0ක් ලෙස ජය ගැනීමටද සමත් විය.
ටෙස්ට් තරඟාවලිය එළඹෙන දෙසැම්බර් 11 වනදා ආරම්භ වීමට නියමිතයි.