සර්පයා නිදහස් වී එළියට පැමිණෙයි | Colombocall සර්පයා නිදහස් වී එළියට පැමිණෙයි - Colombocall

Hot News

සර්පයා නිදහස් වී එළියට පැමිණෙයි



සබරගමු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පලාත් සභා මන්ත්‍රී හසිත මුහන්දිරම් නොහොත් සර්පයා නැමැත්තා නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (10) නියෝග කළා.
අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය විසින් මෙම තීන්දු පුකාශයට පත් කර තිබෙනවා.
තමන්ට පැනවු මරණ දඩුවම ඉවත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ ඇපෑලේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි විනිසුරුවරිය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
පුද්ගලයින් දෙදෙනෙකු කාරයකට යටකර ඝාතනය කිරීමේ චෝදනාවට හසිත මුහන්දිරම් වරදකරු කරමින් 2014 වසරේ දෙසැම්බර් 11 වැනිදා රත්නපුර මහාධිකරණය විසින් මරණ දඩුවම නියම කර තිබුණා.