තානාපති නිළධාරිනිය ඇතුළු පවුලේ අය රැගෙන යන්න ගුවන් යානයක් සූදානමින් ! | Colombocall තානාපති නිළධාරිනිය ඇතුළු පවුලේ අය රැගෙන යන්න ගුවන් යානයක් සූදානමින් ! - Colombocall

Hot News

තානාපති නිළධාරිනිය ඇතුළු පවුලේ අය රැගෙන යන්න ගුවන් යානයක් සූදානමින් !



පැහැර ගැනීමකට ලක්‌වූ බව කියන ස්‌විස්‌ තානාපති කාර්යාලයේ නිලධාරිනි ජී. ප්‍රැන්සිස්‌ නමැත්තිය ඇතුළු පවුලේ අය ගෙනයැම සඳහා ස්‌විස්‌ එයාර් ගිලන් ගුවන් යානාවක්‌ සුරිච් ගුවන්තොටුපළේ සූදානම් කර ඇති බව  සුරිච් ගුවන්තොටුපළේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.
එම තානාපති නිලධාරිනිය ස්‌විස්‌ටර්ලන්තයට එවන ලෙස ස්‌විස්‌ රාජ්‍ය ලේකම්වරිය වූ මේරිස්‌ කොළඹ ස්‌විස්‌ තානාපති කාර්යාලයට උපදෙස්‌ දී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් එම ස්‌විස්‌ යානාවට කටුනායකට පැමිණීම සඳහා සිවිල් ගුවන් සේවා බලධාරීන් මේ දක්‌වාම අවසර දී නොමැති අතර පැහැර ගැනීමකට ලක්‌වූ බව කියන ජී ප්‍රැන්සිස්‌ නමැත්තියට මෙරටින් පිටවීම දෙසැම්බර් 9 දා දක්‌වා තහනම් වී තිබෙනවා. එසේම අදාළ සිදුවීම සම්බන්ධයෙක් ඇය මේ දක්‌වාම රහස්‌ පොලිසියට පැමිණ කටඋත්තරයක්‌ දී නැහැ.
මේ අතර ස්‌විස්‌ තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැරගෙන ගියේ යෑයි කියනු ලබන සිද්ධියේ සැබෑ තතු හෙළිවීමෙන් පසු එහි කුමන්ත්‍රණකරුවන් ජනතාවට පවා මුහුණදීමට නොහැකිව දේශපාලනයෙන් සමුගැනීමට ඉඩ තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා.
 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ  ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වූ මොහොතේ සිට ඔහු බලයට පැමිණි පසුත් එක්‌සත් ජාතික පක්‍ෂය විවිධ කුමන්ත්‍රණ සිදුකළ බවත්, ඔවුන් මෙම කුමන්ත්‍රණය සිදුකරනු ලබන්නේ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවට කිරීමට බැරි වූ විශාල වැඩ කොටසක්‌ ජනතාව වෙනුවෙන් කිරීමට වත්මන් ආණ්‌ඩුව පෙරමුණ ගැනීම නිසා බවත්ය.