හෙම්මාතගම මාර්ගයේ බසයක් පෙරලී අටක් රෝහලේ ! | Colombocall හෙම්මාතගම මාර්ගයේ බසයක් පෙරලී අටක් රෝහලේ ! - Colombocall

Hot News

හෙම්මාතගම මාර්ගයේ බසයක් පෙරලී අටක් රෝහලේ !




මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ ගමන් කර මගී බස් රථය අද (31) උදෑසන කුඹල්ගම ප්‍රදේශයේ බැම්මක් පහතට පෙරළි ගොස් 8 දෙනෙකු රෝහල් ගත කර ඇති බව හෙම්මාතගම පොලිසිය සඳහන් කරයි.
මෙම පෞද්ගලික මගී බස් රථය මාවනැල්ලේ සිට හෙම්මාතගම නගරය දෙසට ධාවනය වන අවස්ථාවේ බස් රථ රියදුරාට වේගය පාලනය කර ගැනිමට නොහැකි විමෙන් සිදු වු අනතුරක් බව හෙම්මාතගම පොලිසිය පවසනවා.
මෙම අනතුර වන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 කට ආසන්න පිරිසක් ගමන් කර ඇති අතර අනතුරෙන් පසුව කාන්තාවන් 4 ක් සහ පිරිමි පුද්ගලයන් 4 දෙනෙක් රෝහල් ගත කර ඇති අතර වයස අවුරුදු 9 ක දරුවෙකගේ එක් අතකට හානි සිදු ඇති බව ද වාර්තා වේ.
ප්‍රදේශවාසින්ගේද උදව් ඇතිව තුවාලකරුවන් සියලු දෙනා මාවනැල්ල මහ රෝහල වෙත කඩිනමින් ඇතුලත් කර තිබුණා.
මෙම අනතුර සිදු වු අවස්ථාවේ රියදුරා පවසා ඇත්තේ සුක්කානම සිර වි බසය පාලනයට නතු කර ගැනිමට නොහැකි විමෙන් බැම්මෙන් පහතට පෙරළි ගිය බවයි.
නොසැළකිලිමත් ලෙස බස් රථය ධවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව මේවනවිට කළ විමර්ශන වලින් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරනවා