ස්විස් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ලංකාවට
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව අල්ලස් කොමිසම මගින් ගොනුකර ඇති නඩුව තවදුරටත් ඉදිරියට ගෙනයා නොහැකි බව කොළඹ මහාධිකරණය අද (20) දැනුම් දුන්නා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ සියලු කොමසාරිස්වරුන්ගේ අවසරයකින් තොරව මෙම නඩුව ගොනු කර ඇති බවයි කොළඹ මහාධිකරණය දක්වා ඇත්තේ.
ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතුකරමින් සිටියදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමාගේ පෞද්ගලික දුරකථන බිල්පත් සඳහා ගෙවිය යුතු රුපියල් දෙලක්ෂ තිස් එක් දහසක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදලින් ගෙවීම හරහා රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.