බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන් ජයග්‍රහණය ලබයි ! | Colombocall බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන් ජයග්‍රහණය ලබයි ! - Colombocall

Hot News

බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන් ජයග්‍රහණය ලබයි !


බ්‍රිතාන්‍යයේ පැවති හදිසි මහ මැතිවරණය ජය ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පාලක කොන්සර්වේටිව් පක්ෂයට හිමිවන බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව බ්‍රිතාන්‍යට බ්රෙක්සිට් ක්‍රියාවලිය නැතහොත් යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා මේ අනුව ජනවරමක් ලැබෙනු ඇත.

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීම සම්බන්ධයෙන් ඇතිවූ දේශපාලන මතභේදාත්මක තත්වය හේතුවෙන් තෙරේසා මේ ඉල්ලා අස්වීමෙන් පසුව පත්වුණා අගමැති බොරිස් ජොන්සන් විසින් මෙම හදිසි මහ මැතිවරණය කැඳවනු ලැබීය.

විපක්ෂය නියෝජනය කරන කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබීන් පරාජය පිළිගනිමින් සඳහන් කළේ ඉදිරි කිසිදු මැතිවරණයකට තමන් නායකත්වය ලබා නොදීමට කටයුතු කරන බවයි.