මහ මැතිවරණයත් රනිල්ගේ නායකත්වයෙන් ! | Colombocall මහ මැතිවරණයත් රනිල්ගේ නායකත්වයෙන් ! - Colombocall

Hot News

මහ මැතිවරණයත් රනිල්ගේ නායකත්වයෙන් !




පක්ෂ නායකත්වය හා මහ මැතිවරණය සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත්කර ඇතැයි පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ, පක්ෂයක් ලෙස සියලු දෙනා එකතු වී එක් හඬකින් පක්ෂය ඉදිරියට ගෙන ගියහොත් පාර්ලිමේන්තුව තුළ ආසන 113ක් සැදිය හැකි බවයි.
එක්සත් ජාතික පක්ෂය යනු මහත්වරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවත්, එය ඉදිරියට ගෙනයා යුතු බවත්, එයට හානි කිරීමට කිසිවෙකුට නොහැකි බවත් කාරියවසම් මහතා සඳහන් කළා.
සියලු දෙනා පක්ෂයේ ජයග්‍රහණය බලාපොරොත්තු වන්නේ නම්, එයට එකමුතු වී ගමනක් යා යුතු බවත් පැවසු කාරියවසම් මහතා, ඒ එකමුතු වීම තුළින් ඇතුළේ ප්‍රශ්න විසඳා ගතයුතු බවත් කියා සිටියා.
2025 වන තෙක් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ නොසිටින බවත්, පක්ෂයේ ජයග්‍රහණය වෙන්වෙන් වැඩපිළිවෙළක් සකස් කර ඒ වෙනුවෙන් ක්‍රියාකරන බව ඔහු පවසා ඇතැයිද කාරියවසම් මහතා සඳහන් කර සිටියා.
එහිදී මාධ්‍යවේදියකු විමසා සිටියේ ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේද යන්නයි.
එයට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා එකතුව මෙම කර්තව්‍යය ඉටු කරන බවත්, පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා විසින් හොබවනු ඇති බවයි.