ලංකාවේ ආයෝජනයට එනවානම් සම්පූර්ණ මුදල රැගෙන එන්න | Colombocall ලංකාවේ ආයෝජනයට එනවානම් සම්පූර්ණ මුදල රැගෙන එන්න - Colombocall

Hot News

ලංකාවේ ආයෝජනයට එනවානම් සම්පූර්ණ මුදල රැගෙන එන්න



ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන එන ආයෝජකයන් මින් ඉදිරියට තමන් ආයෝජනය කිරීමට බලාපොත්තු වන ව්‍යාපෘතියේ මුළු වටිනාකම රැගෙන ආ යුතු බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවැසුයේ ඊයේ (01දා) පස්වරුවේ මහනුවරදි පැවැති මාධ්‍ය හමුවකදිය.

හම්බන්තොට තෙල් පිරිපහදුව ඩොලර් මිලියන 23 ක දැවැන්ත ආයෝජනයක් බව පසුගිය රජය පැවැසුවත් මේ වන විට ඒ සම්බන්ධව පෙර සෝදිසියක් කරමින් පවතින බවත් දැනගන්නට ඇති පරිදි එවන් ව්‍යපෘති කිසිම දෙයක් මෙරට ඇති වී නොමැති බවද රඹුක්වැල්ල මහතා පැවැසිය.

අයෝජකයන් මෙරටට පැමිණි පසු ඔවුන්ගේ මුලු ආයෝජනයෙන් සියයට 10 ක් මෙරටට ගෙනවිත් අනිකුත් මුදල් ලංකාවේ බැංකු වලින් ලබා ගන්නා බවත් ඔහු පැවැසීය.

ශ්‍රී ලංකාවේ බැංකු තුළ මෙරට ජනතාවගේ මුදල් පවතින හෙයින් ආයෝජකයින් පැමිණෙනවානම් අදාළ ව්‍යපෘතිය සඳහා අවශ්‍ය මුළු මුදලම ගෙන ආ යුතු බවත් ඔහු පැවැසීය.