ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කල තරුණයා මාට්ටු !
ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කල බවට චෝදනා ලද තරුණයෙක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක සාමාජිකයකු වන මෙම තරුණයා 21 හැවිරිදි වියේ පසුවන අතර අන්තවාදී අදහස් වෙබ් අඩවි වල පල කිරීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
කළු සිකුරාදා දින සුප්‍රසිද්ද ලන්ඩන් පාලම මතදී සිදු වූ සිදු වීම IS ත්‍රස්ත කණ්ඩායම භාර ගැනීමෙන් දින දෙකකට පසු ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කල බවට චෝදනා ලැබූ මෙම තරුණයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.