ගෝඨාභයට තුනෙක් දෙකක බලයක් ලබාදීමට ශ්‍රී.ල.නි.ප ය සහයෝගය දිය යුතුයි | Colombocall ගෝඨාභයට තුනෙක් දෙකක බලයක් ලබාදීමට ශ්‍රී.ල.නි.ප ය සහයෝගය දිය යුතුයි - Colombocall

Hot News

ගෝඨාභයට තුනෙක් දෙකක බලයක් ලබාදීමට ශ්‍රී.ල.නි.ප ය සහයෝගය දිය යුතුයි



ඉදිරි මහ මැතිවරණයෙන් වත්මන් රජයට තුනෙන් දෙකක බලයක් ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැපවී ක්‍රියා කළ යුතු බව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ ඊයේ (11) පැවති ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී.

ඉදිරි මහ මැතිවරණයෙන් පත්වන නව ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබිය යුතු බවත්, එම තුනෙන් දෙකක බලයක් සහිත නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ශ්‍රීලනිපය ඉදිරි මහ මැතිවරණයේදි කැපවී ක්‍රීයා කළ යුතු බවත් පැවැසූ සිරිසේන මහතා සඳහන් කළේ, නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරියේදි රට සංවර්ධනය කිරීමටත්, සෞභාග්‍යමත් රටක් ගොඩනැගීමටත් සහාය ලබාදිය යුතු බවයි.