ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය අත්අඩංගුවට ! | Colombocall ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය අත්අඩංගුවට ! - Colombocall

Hot News

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය අත්අඩංගුවට !



පැහැර ගැනීමට ලක් වු බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
එම කාන්තාව රජය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කිරිම සහ සාවද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම යන චෝදනා යටතේයි මෙලෙස අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග කර ඇත්තේ.
මේ අතර අද (16) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ගානියා බැරිස්ටර්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීම සඳහා අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට රැගෙන ගොස් තිබුණා.