ලෝක රූ රැජිණ කිරුලත් සමඟ ලංකාවට ආව අපේ සොයුරිය !
ලෝක විවාහක ලෝක රූ රැජින ලෙස කිරුළ පැලදූ කැරොලයින් ජුරි ( Caroline Jurie ) අද (10) අලුයම ශ්රී ලංකාවට පැමිණියා. ඒ අද අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන්.
ඇය ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු උදෑසන 7.00 ට පමණ ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි අතර ඇය පිළිගැනීම සදහා ඇයගේ නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූණා.
ඉන් අනතුරු ඇය විශේෂ රිය පෙරහැරකින් කොළඹ බලා පැමිණියා.
එසේම ඇය පිළිගැනීම වෙනුවෙන් උත්සව කිහිපයක්ම සංවිධානය කර ඇති අතර කඳාන පොලිස් ස්ථානය ආසන්නයේ ඇය පිළිගැනීමේ ප්රධාන උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා.