ජීවිත තුනක් බිලිවූ පසු බලපත්‍රය අහෝසි කරයි !
වලපනේ – මලපට්ටාව ප්‍රදේශයේදී පුද්ගලයන් තුන්දෙනෙකුට මරු කැඳවමින් නායයෑම සිදුවූ ස්ථානය ආසන්නයේ පිහිටි ගල් කොරිය සඳහා නිකුත් කළ බලපත්‍රය අහෝසි කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසනවා.
මෙම ගල් කොරිය යළි ආරම්භ කරන්නේ නම් ඒ සඳහා ඉහළ මට්ටමේ තාක්ෂණික පර්යේෂණයක් සිදුකළ යුතු බවට භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට දැනුම්දුන් බවද රෝහණ පුෂ්පකුමාර මහතා කියා සිටියා.
නායයෑම්වලට මෙම ගල්කොරිය හේතුවූ බවත්, එය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් වලපනේ – මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් භික්ෂූන් වහන්සේ කිහිප නමක් ඊයේ (03) සත්යග්රහයකද නිරත වුණා.