භාණ්ඩවල මිල ගණන් අඩුවේයැයි ජනතාව අපේක්ෂා නොකල යුතුයි | Colombocall භාණ්ඩවල මිල ගණන් අඩුවේයැයි ජනතාව අපේක්ෂා නොකල යුතුයි - Colombocall

Hot News

භාණ්ඩවල මිල ගණන් අඩුවේයැයි ජනතාව අපේක්ෂා නොකල යුතුයි





අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් අඩුවේයැයි ජනතාව අපේක්ෂා නොකල යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කලේ මිල අඩුව ඇත්තේ බදු ඇතුලත් කර තිබූ භාණ්ඩ කිහිපයක පමණක් බවයි.
දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වූ 360 වැඩසටහනට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එහිදී එම වැඩසටහන මෙහෙයවූ දිල්කා සමන්මලී මහත්මිය අමාත්‍යවරයාට මතක්කර දුන්නේ බදු ඇතුලත් සහ බදු ඇතුලත් නැති භාණ්ඩ පිළිබඳ නිසි අවබෝධයක් ඇත්තේ පාරිභෝගික අධිකාරියට සහ රජයට බවයි.
එබැවින් ඒ පිලිබද ජනතාව දැනුවත් කිරීම රජයේ වගකීමක් බවයි ඇය අමාත්‍යවරයාට පැවසුවේ.