බදු සහන සැබවින්ම ජනතාව අතරට යනවා ද බලන්න උපදෙස් ! | Colombocall බදු සහන සැබවින්ම ජනතාව අතරට යනවා ද බලන්න උපදෙස් ! - Colombocall

Hot News

බදු සහන සැබවින්ම ජනතාව අතරට යනවා ද බලන්න උපදෙස් !



ලබා දුන් බදු සහන මහජනතාව වෙත සත්‍ය ලෙසම ගලා යන්නේදැයි සොයා බලන ලෙස ජනාධිපතිි ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. 
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම ඊයේ රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවේ. අඩු ආදයම් ලාභී පවුල්වලට රජයේ රැකියා අවස්ථා ලබා දීමටද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. 
මීලග පාර්ලිමේන්තු සැසිවාරයේදී ආණ්ඩු පක්ෂය කි‍්‍රයා කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ව්ඡා වූ බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවා. 
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ මෙම රැස්වීම ඊයේ පැවැත්වුණේ ජනාධිපති මන්දිරයේදීයි. රැස්වීමෙන් පසු ඊට සහභාගී වුවන්ට විශේෂ රාතී‍්‍ර භෝජනයක්ද ලබා දී තිබෙනවා