තහනම් පෙමට භාදාවක් වුණු කුඩා දරුවාට වස පෙවූ තරුණ අම්මා !
තම අනියම් පෙමට බාධාවක් වූ දස හැවිරිදි පුතුට වස පොවා සැඟවී සිටි මවක් සහ ඇයගේ අනියම් සැමියා කොත්මලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් සහ 30 හැවිරිදි පුද්ගලයෙක්.
මෙම 40 හැවිරිදි කාන්තාව මඟ තොටේදී හමු වූ 30 හැවිරිදි පුද්ගලයකු සමඟ පේ‍්‍රම සම්බන්ධතාවක් ගොඩනඟා ගෙන අනියම් ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම සම්බන්ධතාවයට දරුවාගෙන් සිදු වූ බාධාව නිසා එම දරුවාට විෂ සහිත දියරයක් පානය කිරීමට දී තිබෙනවා.
එහිදී රෝගාතුර වූ දරුවා කොත්මලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පොල රෝහල වෙත යවා ඇති අතර දරුවාට දී ඇති විෂ වර්ගය හඳුනා ගැනීම සඳහා එහි කොටස් රස පරීක්ෂකවරයා වෙත යැවීමට කොත්මලේ පොලිසිය පියවර ගෙන තිබුණා
තිදරු මවක් වන මෙම කාන්තාවගේ වැඩිමහල් දියණියන් දෙදෙනාම විවාහ වී වෙනත් ප්‍රදේශවල පදිංචිව සිටින අතර සිය සැමියාද පිට ප්‍රදේශයක රැකියාවක් කර තිබෙනවා. ඒ අතරතුර තම දස හැවිරිදි පිරිමි දරුවා සමග මෙම කාන්තාව නිවසේ ජීවත් වී ඇති අතර එහිදී මෙම අනියම් ඇසුර පවත්වාගෙන ගොස් තිබෙනවා.
දරුවාට වස පෙවීමෙන් අනතුරුව මෙම අනියම් යුවළ ද නිවසින් අතුරුදන්ව ඇති අතර පසුව දරුවාගේ කට උත්තර අනුව ඔවුන් සොයා ගැනීම සඳහා කොත්මලේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණා. ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.