ජනතාව මට කැමති නිසා නාම යෝජනා නොදුන්නොත් ස්වාධීනව ඉල්ලනවා ! | Colombocall ජනතාව මට කැමති නිසා නාම යෝජනා නොදුන්නොත් ස්වාධීනව ඉල්ලනවා ! - Colombocall

Hot News

ජනතාව මට කැමති නිසා නාම යෝජනා නොදුන්නොත් ස්වාධීනව ඉල්ලනවා !




ඉදිරි මහ මැතිවරණයේදී තමන්ට නාමයෝජනා ලබා නොදුණහොත්, ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසනවා.
තමාට ඡන්දය දීම රටේ ජනතාවගේ කැමැත්ත මත තීරණය වන බවත්, ජනතාව තමන්ව ප්‍රතික්ෂේප කරන්නේ නම් දේශපාලනයෙන් ඉවත්වී ඉදිරියේදී රංගන වෘත්තියේ නියැලෙන බවද ඒ මහතා ඊයේ (03) මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළා.
ඉදිරි මහ මැතිවරණයේදී තමන්ට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයොජනා ලබා නොදෙන බවට පැතිර යන ආරංචි පිළිබඳ සඳහන් කරමින් රාමනායක මහතා පෙන්වා දුන්නේ නාමයෝජනා ලබා නොදීමට තමන් පක්ෂයට වරදක් කර නොමැති බවයි.
භික්ෂුන් වහන්සේලාට බැණවැදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තමන්ට චෝදනා කරන බවත්, තමන් සෑම විටම සත්‍යය සහ අයුක්තියට එරෙහිව පෙනී සිටීම පමණක් සිදුකළ බවත් හෙතෙම අවධාරණය කර සිටියා.
ආණ්ඩුවේ සහ විපක්ෂයේ දූෂිත මන්ත්‍රීවරුන්ගේ ලිපිගොනු තමන් සතු බවත්, වත්මන් ජනාධිපතිවරයා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නම් එම ලිපිගොනු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.