අජිත් ප්‍රසන්න මහතා තානාපති කාර්යාලය ඉදිරියේ කළ උපවාසය අත් හිටුවයි | Colombocall අජිත් ප්‍රසන්න මහතා තානාපති කාර්යාලය ඉදිරියේ කළ උපවාසය අත් හිටුවයි - Colombocall

Hot News

අජිත් ප්‍රසන්න මහතා තානාපති කාර්යාලය ඉදිරියේ කළ උපවාසය අත් හිටුවයි



විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අසල ආරම්භ කළ උපවාසය ඊයේ රාත්‍රී අවසන් කර තිබේ.

ස්විස් තානාපති කර්යාලයේ නිලධාරිනිය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවට බල කරමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහත ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිටට පැමිණ උපවාසයක් ආරම්භ කළේ ඊයේ උදෑසනයි.

පුජ්‍ය අතුරුලියේ රතන හිමියන් සහ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කළ ඉල්ලීමකට අනුව උපවාසය මෙලෙස අත්හැර තිබෙන බව වාර්තා වේ.