කාන්තා අයිතිවාසිකම ගැන දැනුවත් කරමින් සිටි කාන්තාවන් පිරිසක් අත් අඩංගුවට
කාන්තා අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරීමේ නිරතව සිටි නිදහස උදෙසා කාන්තාවෝ ව්‍යාපාරයේ සාමාජිකාවන් පිරිසක් අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ක්‍රියාවක් බවයි පෙරටුගාමී සමාජවාදි පක්ෂය පෙන්වා දෙන්නේ.
අත්අඩංගුවට ගත් කාන්තාවන් පිරිස කොටුව පොලීසිය වෙත කැඳවාගෙන ගොස් ඇති අතර, එහිදී තමන් අත්අඩංගුවට ගැනීමට හේතුව සහ ඊට අදාළ නෛතික ප්‍රතිපාදන පිළිබඳ විමසු විට පොලිස් නිලධාරින්ගේ පිළිතුර වී ඇත්තේ ස්ථානාධිපතිවරයා පැමිණෙන තුරු සිටිය යුතුය යන්නයි.
මෙම අත්අඩංගුවට ගැනීම සමාජ ක්‍රියාකාරිනියන් බියවැද්දිමට, ඔවුන්ගේ ක්‍රියාකාරකම් අඩපණ කිරිමට හා දුර්වල කිරීමට දරන උත්සාහයක් බවත්, මෙය කිසිසේත් අනුමත කළ නොහැකි බවත් පෙරටුගාමී සමාජවාදි පක්ෂය අවධාරණය කරනවා.