රිය අනතුරක් සම්බන්ධයෙන් චම්පික රණවකට විදේශගමන් තහනමක් ! | Colombocall රිය අනතුරක් සම්බන්ධයෙන් චම්පික රණවකට විදේශගමන් තහනමක් ! - Colombocall

Hot News

රිය අනතුරක් සම්බන්ධයෙන් චම්පික රණවකට විදේශගමන් තහනමක් !




2016 වසරේදී රාජගිරියේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කළ බව කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ ඔහුගේ රියැදුරු තුසිත දිළුම් කුමාර නැමැත්තාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද (13) විදෙස් ගමන් තහනමක් පැනවූවාය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නැවත වරක් විමර්ශණයක් ආරම්භ කර තිබේ.
දින කිහිපයකට ඉහතදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා විශේෂ පැහැදිලි කිරීමක්ද සිදුකල අතර එම වීඩියෝව පහතින් දැක්වෙනවා.
හිටපු අමාත්‍යවරයා සහ රියැදුරු රටින් පිටවීම වැළැක්වීම සඳහා විදෙස් ගමන් තහනමක් පනවන්නැයි අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට අවසර දුන් අතිරේක මහේස්ත්‍රාත්වරිය අදාළ තහනම ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වන ලෙස ද නියෝග කළාය.