මාලඹේ වෛද්‍යවිද්‍යාලයේ තරුණයකු ජීවිතයට සමු දෙයි !
වෛරස් උණ රෝගයක් වැළඳීමෙන් ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් මාලබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රායෝගික පුහුණුව ලබමින් සිටි තරුණයකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි අයකු වන අතර ඔහුගේ අවසන් කටයුතු පසුගිය 11 වැනිදා තිස්සමහාරාම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙසේදී සිදුකෙරුණා.
ඔහු රුසියාවේ වසර හයක වෛද්‍ය පුහුණුවකින් පසු උපාධිය ලබා වෛද්‍යවරයකු ලෙස දිවයිනට පැමිණ, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචියට නියමිත විභාගයට පෙනී සිටීම සඳහා මාලබේ වෛද්‍ය විද්‍යාලයේ ප්‍රායෝගික පුහුණුව ලබමින් සිට තිබෙනවා.

ඒ අතරතුර ඔහු මෙම උණ රෝගයට ගොදුරුවී ඇති අතර, රෝගය උත්සන්න වී ඇතිවූ අසාත්මිකතාවය මත මාලබේ රජයේ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව සඳහන්.