හමුදා කඳවුරු ඉවත් නොකරන බව කමල් ගුණරත්න කියයි | Colombocall හමුදා කඳවුරු ඉවත් නොකරන බව කමල් ගුණරත්න කියයි - Colombocall

Hot News

හමුදා කඳවුරු ඉවත් නොකරන බව කමල් ගුණරත්න කියයි




දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින පරිදි උතුරු නැගෙනහිර පළාත්වල හමුදා කඳවුරු ඉවත් නොකරන බව ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කළා. ඔහු මේ බව ප්‍රකාශ කළේ  මහනුවරදී මල්වතු - අස්ගිරි මා නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින්.

එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ ආරක්ෂක ලේකම්වරයා මෙලෙස ප්‍රකාශ කළා.

රජයේ ස්ථාවරය තමයි රටේ ආරක්ෂාව සඳහා අවශ්‍ය තැන්වල හමුදාව සිටිය යුතුයි. ඒක නිසා කවුරුවත් කියපු පලියට ජාතික ආරක්ෂාව පහතට දාලා, කාගෙවත් ඉල්ලීමට හමුදා කඳවුරු ඉවත් කරන්නෙ නෑ. හමුදා කඳවුරක් තිබුනා කියලා ඒකෙන් කාටවත් හානියක් වෙන්නෙ නෑ, ඒකෙන් මහජනතාවට වෙන්නෙ සේවයක්.

අපිට මතකයි යුද්දෙ තිබිච්ච කාලෙ උනත් ඔය පළාත් වල මහජනතාවට හදිසියෙ කෙනෙක් ලෙඩ වුනොත් ඒ ලෙඩාව රොහලට ගෙනගියේ අපි. ඒ වගේම ඒ දුප්පත් අයගෙ ජීවන තත්වය නංවගන්න අපි හුඟක් උදව් කරලා තියෙනවා. අපි ඉදිරියටත් එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් මුදාගත් ප්‍රදේශ වල ජනතාවට අපිට පුළුවන් උපරිමයෙන් උදව් කරනවා.