19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දුර්වල සංශෝධනයක් ! | Colombocall 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දුර්වල සංශෝධනයක් ! - Colombocall

Hot News

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දුර්වල සංශෝධනයක් !




යහපාලන රජය විසින් සිදුකරනු ලැබූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දුර්වල සංශෝධනයක් බවත්, එය අහෝසි කළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ (16දා) පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“19 දුර්වල සංශෝධනයක්. ඒක අපැහැදිලියි. ඒ වගේ අපැහැදිලි ව්‍යවස්ථාවක් රටකට තියෙන්න බෑ. රටක් ලෙස ඉදිරියට මේක අහෝසි කළ යුතුයි. මේකෙ එක හොඳක්වත් පේන්න නෑ. ඒක ඔප්පු වෙලා ඉවරයි” යැයි ඔහු සඳහන් කළේය.