බ්‍රිතාන්‍යය මහමැතිවරණ ඡන්ද විමසීම අද (12) | Colombocall බ්‍රිතාන්‍යය මහමැතිවරණ ඡන්ද විමසීම අද (12) - Colombocall

Hot News

බ්‍රිතාන්‍යය මහමැතිවරණ ඡන්ද විමසීම අද (12)




වසර 5 ක් තුළ බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන තෙවන මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද පැවැත්වේ.
පාර්ලිමේන්තුවට සභිකයින් ගණන 650ක් තෝරාපත් කරගැනීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම මෙරට වේලාවෙන් පස්වරු 12.30 ට ආරම්භ වේ.
වත්මන් අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් සහ කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් මෙවර මහ මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ලෙස තරඟ වදිනවා.
බ්‍රෙක්සිට් ක්‍රියාවලිය හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇති පසුබිමකදී මෙවර මැතිවරණය පැවැත්වීම විශේෂත්වයකි.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්කරගත හැකි වුවහොත් පමණක් රටක් ලෙස ඉදිරියට යා හැකි බවට බෝරිස් ජොන්සන් බීබීසී ලෝක සේවය සමග පැවති අවසන් සම්මුඛ සාකච්ජාවේදී ප්‍රකාශ කළේය.
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ප්‍රතිඵල හෙට පෙරවරුවේ නිකුත් කෙරෙනු ඇති.