දේශප්‍රේමය වෙනුවෙන් හඬා වැටෙන ගම්මන්පිලගේ කෙරුවාව මෙන්න ! (VIDEO) | Colombocall දේශප්‍රේමය වෙනුවෙන් හඬා වැටෙන ගම්මන්පිලගේ කෙරුවාව මෙන්න ! (VIDEO) - Colombocall

Hot News

දේශප්‍රේමය වෙනුවෙන් හඬා වැටෙන ගම්මන්පිලගේ කෙරුවාව මෙන්න ! (VIDEO)


Image result for udaya gammanpila sad






උදය ගම්මන්පිල මහතා තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සදහා මාධ්‍ය ඉදිරියේ ව්‍යාජ ප‍්‍රකාශ නිකුත් කරමින් සිටින බවත්,එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව බ්‍රයන් ෂෙඩික්ගේ ඇටෝනි බලකරු වන ලසිත පෙරේරා ඊයේ (8) පුස්තකාල හා ප‍්‍රලේඛණ සේවා මණ්ඩලයේදී පැවති මාධ්‍ය සාකජ්ජාවකදී සදහන් කළේය.

ඔහු මේ බව සදහන් කළේ ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩික් ගේ වත්කම් ව්‍යාජ ඇටෝනි බලපත‍්‍රයක් සකසා අලෙවිකර ඇති බවට උදය ගම්මන් පිල මහතාට විරුද්දව අධිකරණයේ ගොනුවී ඇති චෝදනාවට අධිකරණයෙන් තීන්දුවක් ලැබීමටත් මත්තෙන්, ඊයේ මාධ්‍ය සාකජ්ජාවකදී ගම්මන්පිල මහතා සිදුකළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙනි.

මෙහිදී අදහස් දැක්වූ බි‍්‍රයන් ෂෙඩික්ගේ ඇටෝනි බලකරු ලසිත පෙරේරා,

” ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩික් මහතාට කිසිදු වංචාවක් සිදුකර නැහැ කියා උදය ගම්මන්පිල සදහන් කරනවා.මුල සිටම ඔහු සදහන් කළේ බ්‍රයන් ෂෙඩික් නම් පුද්ගලයෙක් හදුනන්නෙත් නැහැ, දන්නෙත් නැහැ කියලා.දැන් බ්‍රයන් ෂෙඩික් විසින් ඇටෝනි බලපත‍්‍රයක් ලබා දුන් බව ගම්මන්පිල විසින් පිළිගෙන තිබෙනවා.ගම්මන් පිල මහතා මුල සිටම ව්‍යාජ ප‍්‍රකාශ නිකුත් කරමින් සිටියේ. ඊයේ පැවති මාධ්‍ය සාකජ්ජාවේදී ඔහු සදහන් කරනවා ”විදේශයකදී කිසිම වංචාවක් සිදුකර නැහැ” කියා.ඔහු විසින් විදේශිකයෙකුට අයිතිව තිබූ ශ‍්‍රි ලංකාවේ දේපල ව්‍යාජ ලෙස ඇටෝනි බලපත‍්‍රයක් සකසා ගෙන මුදල් ලබාගෙන තිබෙන්නේ.උදය ගම්මන්පිළ මහත්තයා තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සදහා ව්‍යාජ ලෙස ප‍්‍රකාශයන් කරනවා.ඉතා පිළිකුලෙන් එය හෙළා දකිනවා.

ඔහු
ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන හතක් පමණ ලංකාවේ තිබු වත්කම් ව්‍යාජ ඇටෝනි බලපත‍්‍රයක් සකසා අන්සතු කර, මුදල් ලබාගෙන තිබෙනවා.ඔහු 1997 ව්‍යාජ ඇටෝනි බලපත‍්‍රය නිර්මාණය කර තිබෙන්නේ.2001 දී මේ වංචාව සිදුකරන්නේ. මේ රටට එන අනෙක් ආයෝජකයින් පවා පැමිණෙන එක අධෙර්යමත් කරන්න කළ කාර්යයක් ලෙස මම මෙය දකින්නේ. මේ වන විට මෙය ගරු අධිකරණයේ පවතින නඩුවක්.නඩු අංක දෙකක් තිබෙනවා.ඒ නඩු දෙකේම නීතිපති දෙපාර්තමේන්තුව තුළ චුදිතයෙක් බවට පත්කර තිබෙනවා.මේ වන විට ගරු අධිකරණය සාක්ෂි ලබා ගනිමින් තිබෙනවා.බ්‍රයන් ෂෙඩික්ගේ බිරිද ,ජෙනට් ෂෙඩික් සාක්ෂි දීමට නියමිතයි.අධිකරණය තීන්දුව ලබා දීමටත් ප‍්‍රථම ඔහු අධිකරණයේ තීන්දුව ඔහු විසින් ප‍්‍රකාශ කර තිබෙනවා.උදය ගම්මන්පිළ කියන්නේ නීතිඥයෙක්.ඔහු මේ ගැන හොදින් දන්නවා. ගරු අධිකරණය යම් කෙනෙකුගේ සාක්ෂිය බොරුවක් ලෙස තීන්දු කර ඇත්නම් එම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්න බැහැ.එසේ නම් ගරු අධිකරණය විසින් ඔහුව නිදොස්කොට නිදහස් කරන්න ඕන.නමුත් එසේ සිදුව නැහැ.මේ ඔහු සිදුකරන්න බලාපොරොත්තු වෙන්නේ අධිකරණයට යම් ලෙසකින් බලපෑම් සිදුකිරීම.නීතිපති දෙපාර්තමේන්තුවේ කිහිප දෙනෙකුගේ ප‍්‍රකාශ නිසා මහජනතාවට අධිකරණය තුළ ඇති විශ්වාසය නැතිවෙනවා.නීති පති දෙපාර්තමේන්තුව හා ගරු අධිකරණය ඉතා ස්වාධිනව කටයුතු කරන අවස්ථාවකදී මෙවැනි ප‍්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් කණගාටුවෙනවා.අනාගතයේදී මෙම නඩු ඉවත්කිරිමට ,මොනයම් හෝ බලපෑමක් සිදුකිරිමටද මේ සුදානම් වන්නේ.බ්‍රයන් ෂෙඩික්ගේ සාක්ෂිය බොරුවක් බව ගරු අධිකරණය සදහන් කළා යැයි මිත්‍යාවක් ඔහු පතුරනවා.මේ තුළින් මහජනතාව තුළ ඔහු මතයක් නිර්මාණය කරන්න යනවා. ගරු අධිකරණයේ පවතින නඩු සම්බන්ධයෙන් බොරු කියන්න බැහැ.. මේ උදය ගම්මන්පිල කියන නීතීඥයා බොරු කියන්නේ.

දැන්පාලූ ගෙහි වළං බිදීම සිදු නොකර,ඔහු කරන ලද වංචා සම්බන්ධයෙන් මාත් එක්ක ඕනෑම ප‍්‍රසිද්ධ ස්ථානයක, මාධ්‍ය ආයතනයක විවාදයකට එන්න කියලා මම අභියෝග කරනවා.මෙවැනි ප‍්‍රකාශ මගින් මේ රටට පැමිණ මේ රටේ ආයෝජනය කළ බ්‍රයන් ෂෙඩික් වැනි පුද්ගලයින්ට අපහස නොකර, තමන්ගේ දේශපාලන කටයුතු සිද්ද කරගන්නා ලෙස මම ඔහුට කියන්න කැමති.

ඔහු හැමවිටම කියන්නේ ඔහු දේශහිතෛශි කියලා.ඔහුගේ නැගණිය ,දෙමාපියන් අද සිටින්නේ ඇමරිකාවේ.ඔවුන් ඇමරිකන් පුරවැසියන්.ඔහුගේ බිරිද දරුවන් සිටින්නේ ඕ‍්‍රස්ටේලියාවේ.ඔවුන් ඕස්ට්‍රේලියාවේ පුරවැසියන්.තමන්ගේ පවුලේ සියල්ල විදේශ රටවල පදිංචි කරමින් ලංකාව ගැන බොරු දේශහිතෛශි බවක් පෙන්වීම ගැන අපි ඉතාමත් කනගාටුවෙනවා.ඔහුට අයිති සියලූ දේපල තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ.ඔහුගේ ඕස්ට්‍රේලියාවේ තිබෙන ඔහුගේ සියලූ වත්කම් හෙළිකිරීමට මම සූදානම්. ඔහුට ඩොලර් මිලියන පහකට ආසන්න වත්කම් ඕස්ට්‍රේලියාවේ තිබෙනවා.

දේශපාලඥයෙකුට පැමිණිල්ලක් කළාම ,එයට දේශපාලන මුහුණුවරක් දෙන්න උත්සහ කරනවා. නමුත් මෙහි තිබෙන්නේ පෞද්ගලික කාරණයක්.උදය ගම්මන් පිළ කියන්නේ බ්‍රයන් ෂෙඩික් යටතේ රුකියාවක් කළ පුද්ගලයා.ඔහු මේ වංචාව කරන්නේ ඔහු ළග සේවය කරමින් සිටියදී.ඔහු දේශපාලඥයෙක් වන්නේ ඉන්පසුව. දේශපාලඥයෙක් වු විට ඔහුට අධිකරණයේ කටයුතු සිද්ද විය යුතු නැද්ද?දේශපාලඥයෙක් වු විට ඔහුට විශේෂිත වරප‍්‍රසාද තිබෙනවද?” යනුවෙන් සදහන් කළේය.