කටුවාපිටියට ගිය ෆොන්සේකාට වුණු දේ මෙන්න ! -VIDEO- | Colombocall කටුවාපිටියට ගිය ෆොන්සේකාට වුණු දේ මෙන්න ! -VIDEO- - Colombocall

Hot News

කටුවාපිටියට ගිය ෆොන්සේකාට වුණු දේ මෙන්න ! -VIDEO-




නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සජිත් ප්‍රේමදාස මහතා, තමන් ජනාධිපති වුවහොත් රටේ ආරක්ෂක අමාත්‍ය ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන බවට ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට පසු මුළු මහත් දිවයිනේම ජනතාව රටේ ආරක්ෂාවට ෆොන්සේකා මහතාව පත් කරන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා සිය රැළියකදී ප්‍රකාශ කර තිබුනා.
පසුගිය අප්‍රේල් මස සිදු වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට පසුව එම ප්‍රදේශවල සංචාරයක නිරත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මුණගැසුන ප්‍රදේශවාසින් කියා සිටියේ රටේ ආරක්ෂාව භාරගැනීමට සුදුසුම පුද්ගලයා සරත් ෆොන්සේකා මහතා බවයි.
තවදුරටත් අදහස් දක්වමින් එම ප්‍රදේශවාසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, රටම ආරක්ෂාව වෙනුවෙන් ඉල්ලා සිටින සරත් ෆොන්සේකා මහතාට රටේ ආරක්ෂාව භාර දෙන ලෙසටයි.
මෙම දර්ශන ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන කිසිවක විකාශය නොවූ අතර ජනතා ඉල්ලීම්වලටද ජනාධිපතිවරයාගෙන් නිසි පිළිතුරක් නොලැබුණි.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කටුවපිටිය ප්‍රදේශාවාසින් හමු වූ අවස්ථාවේ එම ප්‍රදේශවාසින් සංවේදීව අදහස් ප්‍රකාශ කළ වීඩියෝව පහතින්