මේ මඩ සතියක් යැයි විමල් කියූ දේ සංවිධායකවරයා ඔප්පු කරයි (VIDEO) / (PHOTOS) | Colombocall මේ මඩ සතියක් යැයි විමල් කියූ දේ සංවිධායකවරයා ඔප්පු කරයි (VIDEO) / (PHOTOS) - Colombocall

Hot News

මේ මඩ සතියක් යැයි විමල් කියූ දේ සංවිධායකවරයා ඔප්පු කරයි (VIDEO) / (PHOTOS)





මැතිවරණයට සම්බන්ධ පෝස්ටර් තොගයක් ළග තබා ගෙන සිටි බව කියන ජාතික නිදහස් පෙරමුණේ හලාවත ආසන සංවිධායකවරයා අද (15) අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය පවසයි.
ජනාධිපතිවරණයට සම්බන්ධ පොස්ටර් සැකකරුගේ නිවසේ තිබූ බවත් එහි වර්ග දෙකක පෝස්ටර් 3850 ක් මාදම්පේ පොලීසිය බාරයට ගෙන තිබේ.
පොලිසියට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ පවත්වයි.
සැකකරු සහ පෝස්ටර් තොගය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය

හිරාන් ප්‍රියංකර ජයසිංහ
Source: ලංකාදීපය
මේ අතර පසුගියදා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අපහාස වන අයුරින් මහනුවර ප්‍රදේශයේ පෝස්ටර් බෙදා හැරී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු වන කීර්ති රත්නායක නැමැත්තා සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ජාතික හෙළ උරුමයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක තුෂාර ස්වර්ණතිලක මහතා විසින් මහනුවර මූලස්ථාන පොලීසිය වෙත එම පැමිණිල්ල සිදුකර ඇත.
එම පෝස්ටර් මුද්‍රණය කර ඇත්තේ කොළඹදී වන අතර කුරියර් සේවාවක් මඟින් ඒවා මහනුවරට ගෙන්වා ගෙන තිබෙන බව සඳහන්.
මේ සම්බන්ධයෙන් මැතිවරණ පැමිණිලි ඒකකයටද පැමිණිල්ලක් කර තිබේ.