පොහොට්ටුවෙන් බෝම්බ පිපිරවීමක් කරන බවට කතාවක් ! (photos) | Colombocall පොහොට්ටුවෙන් බෝම්බ පිපිරවීමක් කරන බවට කතාවක් ! (photos) - Colombocall

Hot News

පොහොට්ටුවෙන් බෝම්බ පිපිරවීමක් කරන බවට කතාවක් ! (photos)



ජනාධිපතිවරණය පැවැත්වෙන ඉදිරි සතියේදී බෝම්බ පිපිරවීමක් සිදුකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානම් වන බවට වන පුවතකට තමන්ගේ ට්විටර් ගිණුම Tag කිරීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබෙනවා.
වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
අදාළ බෝම්බ පිපිරවීමේ සිද්ධිය පිළිබඳ පුවතට තමන්ට අමතරව හරීන් ප්‍රනාන්දු සහ අජිත් පී. පෙරේරා යන මහත්වරුන්ගේ ට්විටර් ගිණුම්ද Tag කර ඇති බවයි වික්‍රමරත්න මහතා පෙන්වා දෙන්නේ.
එසේම ආරක්ෂක මණ්ඩල රැස්වීමක් වහාම කැඳවිය යුතු බවද එම ට්විටර් පණිවුඩයේ සටහන්ව ඇති බව වික්‍රමරත්න මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලෙහි සඳහන්.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.