පට්ටපල් කෙබරයක් ගසන්නට සැරසෙන හිරු , දෙරණ ! (PHOTOS) | Colombocall පට්ටපල් කෙබරයක් ගසන්නට සැරසෙන හිරු , දෙරණ ! (PHOTOS) - Colombocall

Hot News

පට්ටපල් කෙබරයක් ගසන්නට සැරසෙන හිරු , දෙරණ ! (PHOTOS)




නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සංධානය අතර රට දෙකඩ කිරීම සඳහා ගිවිසුමක් ඇති බවත්, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ වහාම උතුරේ සිංහල ජනතාව එම ප්‍රදේශ වලින් එළවා දැමීමට එම ගිවිසුම අනුව කටයුතු සූදානම් වන බවත් ප්‍රධාන පෙලේ විද්‍යුත් නාලිකා දෙකක් හරහා අද රාත්‍රියේ සහ ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට දින උදෑසන පටන් අසත්‍ය පුවතක් ප්‍රකාශයට පත්කිරීම සදහා කටයුතු සූදානම් කර ඇතැයි වාර්තා වනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කූප්‍රකට නීතිඥවරයෙකුගේ පදනම් විරහිත චෝදනාවක් මත මෙම අසත්‍ය පුවත ප්‍රචාරය කිරීම සදහා කටයුතු සැලසුම් කර ඇත.
දෙමළ ජාතික සංධානය රට දෙකඩ කිරීමට උත්සාහ කරන බවට අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සම්බන්ධ “සත්‍ය ගවේශකයෝ” නමැති සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කල අතර හිරු tv නාලිකාව විසින් එය විශේෂ පුවතක් වශයෙන් විකාශය කලා. එම පුවත බොරුවක් බව දෙමළ ජාතික සංධානය සහ එම පක්ෂයේ පා.ම MA සුමන්තිරන් මහතා ටුවිටර් පණිවිඩ නිකුත් කරමින් ප්‍රකාශ කලා.
මෙම අසත්‍ය පුවත් ප්‍රචාරණය සම්බන්ධයෙන් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා විසින් මීට සුලු මොහොතකට පෙර මාධ්‍ය හමුවක් පවත්වමින් තොරතුරු රැසක් අනාවරණය කලා.
එම මාධ්‍ය හමුව පහතින් දැක්වේ.