නිදහස් මාධ්‍යවේදියකුගේ අත කපයි (PHOTOS) | Colombocall නිදහස් මාධ්‍යවේදියකුගේ අත කපයි (PHOTOS) - Colombocall

Hot News

නිදහස් මාධ්‍යවේදියකුගේ අත කපයි (PHOTOS)





මාධ්‍යවේදී ලසන්ත විජයරත්න මහතාගේ ගාල්ල හබරාදූව, මීපේහී පිහිටි නිවසට අද අලුයම නාඳුනන පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ ඒ මහතා රෝහල් ගතකර ඇතැයි වාර්තා වනවා.

අද අලුයම මුහුණු ආවරණ පැළඳ පැමිණි හතර දෙනෙකුගෙන් සමන්විත නාඳුනන කල්ලියක් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. තුවක්කුවලින් සන්නද්ධව පැමිණි කණ්ඩායම ලසන්ත විජයරත්න මහතාට පහරදී, තියුණු ආයුධයකින් අතකට පහරදී තිබේ.

“නාස්තිකාර සංවර්ධනය හා දූෂණය” නමැති ග්‍රන්ථය රචනා කරමින් ලසන්ත විජයරත්න මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දූෂණ සහ වංචා පිළිබඳව කරුණු රැසක් හෙළිදරව් කිරීමට කටයුතු කළ අතර ඉන් සති දෙකක් ඇතුලත මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

ප්‍රහාරය සදහා පැමිණි කල්ලිය ලසන්ත විජයරත්න මහතාට සහ ඒ මහතාගේ බිරිඳට මරණ තර්ජන එල්ල කර ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වංචා දූෂණ පිළිබඳව හෙළිදරව් කලහොත් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළද, නොකළද අනිවාර්යෙන්ම ඔවුන්ව ඝාතනය කරන බවට තර්ජනය කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා