විපක්ෂනායක සහ පක්ෂනායකත්වය එක් අයෙකුට කරන්න බෑ ! | Colombocall විපක්ෂනායක සහ පක්ෂනායකත්වය එක් අයෙකුට කරන්න බෑ ! - Colombocall

Hot News

විපක්ෂනායක සහ පක්ෂනායකත්වය එක් අයෙකුට කරන්න බෑ !




රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරන්නේ නම් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය, හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට ලබාදිය යුතු බව දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානය පවසනවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් එහි නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන්  ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් ඉදිරි දින 03 තුළදී අවසන් තීරණයක් ලැබෙනු ඇති බවයි.
මේ අතර විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන්, එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විසඳුමක් ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළ‍ේ එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරු බහුතරයක් හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, විපක්ෂ නායක ධූරයට පත් කරන ලෙස පක්ෂ නායකත්වයෙන් ඉල්ලා ඇති බවයි.
එසේම හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධූරය ලබා නොදුනහොත් ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමෙන් වැළකී සිටීමට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු තීරණය කර ඇති බවද වාර්තා වුනා. ඒ සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ මෙලෙස අදහස් දැක්වුවා.
 "යම් යම් තීන්දු අරන් තියෙනවා. ඒවා ඉදිරියේදී කියන්නම්. ජනතාව අපිත් එක්කයි ඉන්නේ. පක්ෂයේ කිහිපදෙනෙක් විතරක් ඔවුන්ගේ මතය දරනවා. ජනතාව ඔවුන් පිළිබඳ තීරණයක් ගනී.. ඊළඟ මැතිවරණයේදී. වෙනත් පක්ෂයක් ගොඩනැගීම තීරණය වන්නේ ඇතිවෙන වටපිටාව මතයි. අපි මේ බලාපොරොත්තු වෙන දේ වුණේ නැත්නම් මැතිවරණවලට ඉදිරිපත් වෙලා වැඩක් නෑ"