රාජපක්ෂලා හංගලා කරපු හොරකමක් විජයමුණි හෙළිකරයි ! | Colombocall රාජපක්ෂලා හංගලා කරපු හොරකමක් විජයමුණි හෙළිකරයි ! - Colombocall

Hot News

රාජපක්ෂලා හංගලා කරපු හොරකමක් විජයමුණි හෙළිකරයි !




අමාත්‍යවරයාව සිටියදී අමාත්‍යංශ ලේකම් වරුන් තමන්ගේ නියෝග නොව බැසිල් රාජපක්ෂ මහතාගේ නියෝග පිළිගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.
පසු ගිය ආණ්ඩුව සමයේ තමන්ට ලබා දුන් අමාත්‍යාංශ වල රාජකාරි කිරීමේදී විවිධ අකටයුතුකම් වලට මුහුණ පෑමට ඔහුට සිදු වූ බව පවතී ජනහමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශකර සිටියේය.
වනජීවී අමාත්‍යවරයාව සිටියදී වාහන 70ක් අමාත්‍යාංශය වෙනුවෙන් මිලදී ගත්තත් එය තමන් නොව බැසිල් රාජපක්ෂ මහතා ගෙන්වන ලද වාහන බවට ප්‍රකාශ කල හිටපු අමාත්‍ය වරයා එසේ එම වහාන ගෙන්වූවේ ඉන් වෙනත් ප්‍රයෝජන ලබා ගැනීමට බව පැවසීය.
පසුගිය පාලන සමයේ තමන්ගේ තත්වය උසස් කර පෙන්වීමට අලි පැටවුන් සුරතලයට සෑදීමට හිටපු පාලකයන් උනන්දු වූ නිසා අමාත්‍යංශයේ අලි ලියාපදිංචි කර තිබුන පොත හිටි හැටියේ අස්ථාන ගත වූ අතර එමඟින් පැටවුන් සිටින ඇතින්නියන් මරා දමා ඔවුන්ව හොරකම් කිරීමටත් විවිධ මිල ගණන් යටතේ ඔවුන්ව විකිණීමටත් රාජපක්ෂ වරුන් කටයුතු කළ බව මන්ත්‍රීවරයා පවසා සිටියා.
එපමණක්ද නොව අධි තාක්ෂණික උපකරණ උපයෝගී කර ගනිමින් සපුමල් කුමාරයාගේ කඩුව සොයමින් රට පුරා ගමන් ගත් බවත්, ග්‍රාමීය ප්‍රදේශ වල මෙම සෙවීම් කටයුතු කිසිඳු ගැටලුවකින් තොරව සිඳු කිරීමට ගම වැසියන් බිය වැද්දීමට විවධ උපක්‍රම භාවිතා කල බවත් විජයමුණි සොයිසා මන්ත්‍රීවරයා පවසා සිටියා.
මෙසේ සපුමල් කුමාරයාගේ කඩුව සොයා ගොස් නොලැබුන තැන අවසානයේ කෝට්ටේ නාග විහාරයට ගිය බවත් එහිදී හාමුදුරු දෙනමක් ගාතනය කල බවත් ඉන් නොනැවතී රටේ ජාතික උරුමයන් සොරකම් කිරීමට කෞතුකාගාරයෙන් පවා සොරකම් කල බවත් මෙහිදී හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
තමන් රාජපක්ෂවරුනට බිය නොමැති බවත් තමන් සතුව ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සාක්ෂි ඇති බවටත් මෙහිදී හිටපු අමාත්‍ය වරයා කියා සිටිනවා.
එම මහතා පල කල අදහස් සහිත වීඩියෝව පහතින්