තිස්සගෙන් බැනුම් කන්දරාවක් ! නිසි නායකත්වය ලැබී නෑ ! | Colombocall තිස්සගෙන් බැනුම් කන්දරාවක් ! නිසි නායකත්වය ලැබී නෑ ! - Colombocall

Hot News

තිස්සගෙන් බැනුම් කන්දරාවක් ! නිසි නායකත්වය ලැබී නෑ !




ජනාධිපතිවරණ පරාජය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා නිකුත් කර තිබූ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්, එම පක්ෂයේ හිටපු මහලේකම්වරයකු වන තිස්ස අත්තනායක මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සාමූහික වගකීමෙන් තොරව එකිනෙකාට ඇඟිල්ල දිගුකර ගැනීමෙන්, නැවත නැගීසිටීමට දරන උත්සාහය විනාශ වන බවයි තිස්ස අත්තනායක මහතා එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.
අකිල විරාජ් කාරියවසම් මහතාගේ නිවේදනයෙන් හිතාමතාම සත්‍යය වසන් කර, වොක්ෂෝල් වීදියේ පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට චෝදනා ඉදිරිපත් කර ඇති බවද අත්තනායක මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.
සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට පක්ෂය තුළින් නිසි නායකත්වයක් නොලැබුණු බවත්, පාක්ෂිකයන් හා ක්‍රියාකාරීන් බොහෝ අවස්ථාවල නායකයන්ටත් වඩා ඉදිරියෙන් සිටිමින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙරමුණ ගත් බවත් අත්තනායක මහතා අවධාරණය කරනවා.
කාරියවසම් මහතාගේ නිවේදනය මඟින් එක්සත් ජාතික පක්ෂය නැවත නැගීසිටීමට දරණ උත්සාහයට වන බලපෑම පිළිබඳවද තිස්ස අත්තනායක මහතා සිය නිවේදනයෙන් පෙන්වාදී තිබෙනවා.