පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක්ම සොයා ගනී | Colombocall පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක්ම සොයා ගනී - Colombocall

Hot News

පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක්ම සොයා ගනී




පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානයට කිලෝමීටර් 6 ක් පමණ දුරින් වූ ස්ථානයක තිබී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව වාර්තා වෙනවා.

"කොඩයිට්" ලෙස සැක කෙරෙන සොයාගත් මෙම පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග‍්‍රෑම් 53 කට ආසන්න බවයි පැවසෙන්නේ.

විශේෂ කාර්ය බලකායේ යාපනය කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (19) පස්වරුවේ කළ වැටලීමකදීයි,  මෙලෙස මෙම සොයාගැනීම සිදු කර තිබෙනවා

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය බලපත‍්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා