සජිත් ප්‍රේමදාස මහතා තම පාක්ෂිකයින් හමුවෙයි ! | Colombocall සජිත් ප්‍රේමදාස මහතා තම පාක්ෂිකයින් හමුවෙයි ! - Colombocall

Hot News

සජිත් ප්‍රේමදාස මහතා තම පාක්ෂිකයින් හමුවෙයි !




නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ලෙස තරග කළ සජිත් ප්‍රේමදාස මහතා, අද (21) සිය මැතිවරණය ව්‍යාපාරයට සහාය දැක්වූ පාක්ෂිකයන් හමුවීමට නියමිතව තිබෙනවා.

ආසන සංවිධායකවරුන් ඇතුළු පිරිසක් එම හමුවට සහභාගි වීමට නියමිතයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරු 11.00ට එම හමුව පැවැත්වීමට නියමිතව තිබුණද, එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ පස්වරුවේ නිවේදනය කළේ එම හමුව සිරිකොත පක්ෂ මූලස්ථානයේ නොපැවැත්වෙන බවයි.

කෙසේ වෙතත් එම හමුව සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානය නොලැබුණද, සජිත් ප්‍රේමදාස මහතාගේ කොළඹ පිහිටි ජනාධිපතිවරන මෙහෙයුම් මධ්‍යස්ථානයේදී එය පැවැත්වීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.