පාර්ලිමේන්තුවට කළු පැල්ලමක් එක් කරමින් මිරිස්කුඩු ගැසූ අයට වැඩ වරදී !
පාර්ලිමේන්තුවේ සිදුවූ නීති විරෝධී ආණ්ඩු පෙරළියට සමගාමීව සිදුවූ ගැටුම්කාරී සිද්ධියේදී මිරිස් කුඩු ප්‍රහාර එල්ල කළ සහ නීති විරෝධී කටයුතු සිදුකර වැරැදිකරුවන් වූ පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන ලෙස ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් කතානායක කරු ජයසූරිය මහතානේ ඉල්ලා සිටියා.
එහිදී කතානායකවරයා සඳහන් කළේ ඊට අදාළ කරුණු නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර, අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
එම අවස්ථාවේ නැගී සිටි බිමල් රත්නායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව පියවරක් ගත යතු බවයි.
මෙය නීති උල්ලංඝණයක් බැවින් සිද්ධියට සම්බන්ධ 54 දෙනාටම එරෙහිව පියවර ගත යුතු බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියා.
මෙය නීති උල්ලංඝණයක් බැවින් සිද්ධියට සම්බන්ධ 54 දෙනාටම එරෙහිව පියවර ගත යුතු බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියා.
වසරක් ගතවී ඇති මෙම සිදුවීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට කළු පැල්ලමක් බව පැවැසූ ආශු මාරසිංහ මන්ත්‍රීවරයා සදහන් කළේ වැරැදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බවයි.