ගෝඨාභය නැවත වරක් සජිත් සමඟ සංවාදයක් මඟහරී ! | Colombocall ගෝඨාභය නැවත වරක් සජිත් සමඟ සංවාදයක් මඟහරී ! - Colombocall

Hot News

ගෝඨාභය නැවත වරක් සජිත් සමඟ සංවාදයක් මඟහරී !



ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce Sri Lanka) විසින් සංවිධානය කල ජනාධිපති අපේක්ෂකවරුන්ගේ සජීව සංවාදය අද(07) උදෑසන කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්වුණා. 
එම අවස්ථාවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ අනෙකුත් ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් සියලු දෙනාම සහභාගී වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා එම අවස්ථාව මඟ හැර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සංවාදයට සහභාගී වන ලෙස ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (International Chamber of Commerce Sri Lanka) විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කල අවස්ථාවේදී ඔහු එම ආරාධනාව පිළිගෙන ඇතැයිද වාර්තා වනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියලු ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් සහභාගී වන සංවාදයක් මඟ හැරි දෙවන අවස්ථාව මෙය වන අතර සජිත් ප්‍රේමදාස මහතා ඔහු සමඟ විවාදයකට පැමිණෙන ලෙස සිදුකල අභියෝගයද ඔහු විසින් මඟ හැරියා.